Threads : සකර්බර්ග්ගෙන් එලෝන් මස්ක් ට සුපිරි අභියෝගයක්

මාර්ක් සකර්බර්ග් හිමිකාරීත්වය දරණ මෙටා සමාගම නිල වශයෙන් “ත්‍රෙඩ්ස්” නමින් නව යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

එය නිර්මාණය කර ඇත්තේ ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක්ගේ ට්විටර් යෙදවුම සමග තරග කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“ත්‍රෙඩ්ස්”යනු නව යෙදුමක් වුවද, එය ඉන්ස්ටර්ග්‍රෑම් හි සන්නාම සහ ව්‍යුහය යටතට අයත් වනු ඇතැයි ද සඳහන්.

ත්‍රෙඩ්ස් යෙදවුම මගින් එහි පරිශීලකයින්ට පහසුවෙන් ලොග් වීමට සහ ඔවුන්ගේ මිතුරන් සමග සමාජ මාධ්‍ය සම්බන්ධතා කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට ඉඩ සලසා තිබෙනවා.

ත්‍රෙඩ්ස් යෙදවුම මගින් ද පුද්ගලයන්ට සිය අදහස් පළ කිරීමට සහ අන් අයගෙන් ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමට හැකි බව ද සඳහන්.

කෙසේවෙතත් මෙටා සමාගමට අයත් “ත්‍රෙඩ්ස්”යනු එලොන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුම වෙත මෑතකාලීනව එල්ල වූ විශාලතම අභියෝගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ව්‍යාපාරික ලෝකයේ සිය ප්‍රතිවාදියා වන මාර්ක් සක්ර්බර්ග් විසින් හඳුන්වා දුන් නව යෙදවුම සම්බන්ධයෙන් එලෝන් මස්ක් ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව එලෝන් මස්ක් පවසන්නේ ත්‍රෙඩ්ස් යනු හුදෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හි අනුරුවක් පමණක් බවයි.

එවන් පසුබිමක් තුළ සිය නව යෙදවුම එළිදක්වමින් මාර්ක් සකර්බර්ග් එලෝන් මස්ක් වෙත ද ප්‍රතිචාර දක්වා තිබුණා.

ඒ අනුව වසර 11 ක් පුරා සිය ට්විටර් ගිණුම හරහා නිහඬව සිටි මාර්ක් සකර්බර්ග් අද උදෑසන එම නිහඬතාව බිඳදමමින් සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක් කර තිබුණා.

එහි දැක්වෙන්නේ ස්පයිඩර් මෑන් ලෙස දැක්වෙන පුද්ගලයෙකු එවැනිම ඇඳුමකින් සැරසී සිටින තවත් පුද්ගලයෙකු වෙත සිය ඇඟිල්ලක් දිගු කොට අභියෝගයක් එල්ල කරන ආකාරයයි.

මාර්ක් සකර්බර්ග් විසින් කිසිඳු අදහස් දැක්වීමකින් තොරව එම ඡායාරූපය පමණක් සිය ට්විටර් ගිණුමට එක් කර තිබීම ද විශේෂත්වයක් වනවා.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »