Parent Visa ප්‍රමාදයන් නිසා පුහුණු ශ්‍රමිකයන් දැඩි තීරණයක් ගනී

සිය දෙමව්පියන් සඳහා Parent Visa ලබාගැනීමේ අපහසුතා හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසක් මේ වනවිට අමෙරිකාව සහ කැනඩාව කෙරෙහි අවධානය යොමු කර ඇති බව නවතම වාර්තාවක් හෙළිකරනවා.

Parent වීසා අපේක්ෂාවෙන් යොමුකරන ලද ඇතැම් අයදුම්පත්‍ර වලට තීරණයක් ලැබී ඇත්තේ වසර 30 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් ගතවී ඇති බවයි පැවසෙන්නේ.

පුහුණු ශ්‍රමිකයන් සංක්‍රමණය වීමේදී වඩාත් ජනප්‍රියම රටවල් අතර 1990 දශකයේදී ඔස්ටේ්‍රලියාවට හිමිවී තිබුණේ 03 වන ස්ථානයයි.

කෙසේවෙතත් මේ වනවිට එය 06 වන ස්ථානය දක්වා පහත වැටී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

පුහුණු ශ්‍රමිකයන්ට සිය දෙමව්පියන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වීසා කාණ්ඩ 07 ක් ඇති අතර ඒවා සියල්ලෙහි අයදුම්පත් සළකා බැලීම් කාලය මේ වනවිට දීර්ඝ අගයක් ගන්නා බව සඳහන්.

SOURCE: https://www.abc.net.au/news/2023-07-06/migrants-say-parent-visa-delays-make-australia-less-attractive/102567548

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »