MyKi ගාස්තු ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවීමේ යෝජනාව වසර 02 කට පෙර ඉවත දමලා

වික්ටෝරියා ප්‍රාන්තයේ MyKi කාඩ්පත් ක්‍රමයට ක්‍රෙඩිට් කාර්ඩ් මගින් ගෙවීම සිදුකිරීමේ යෝජනාව ප්‍රාන්ත රජය විසින් මීට වසර 02 කට ඉහතදී ප්‍රතික්ෂේප කර ඇතැයි අනාවරණය වනවා.

කෙසේවෙතත් ඉදිරි වසර 15 සඳහා වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවයේ MyKi කාඩ් ක්‍රමය පවත්වාගෙන යාමට කොන්ත්‍රාත්තුව පිරිනැමූ සමාගමේ ප්‍රධාන සංශෝධනයක් වන්නේද ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් සිදු කිරීමට පහසුකම් සැළසීමයි.

ඒ අනුව මුදල් නොට්ටු භාවිතයෙන් තොරව පොදු ප්‍රවාහන සේවා ගාස්තු ගෙවීම වික්ටෝරියානුවන්ට තවත් පහසු වනු ඇතැයි සඳහන්.

නව ක්‍රමයේ අත්හදා බැලීම් ලබන වසරේ සිට ආරම්භ කෙරෙන අතර වසර 02 කට පමණ පසු ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඩැනියල් ඇන්ඩෲස් රජය විසින් වසර 02 කට ඉහතදී මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ තුමන සාධකයක් මතදැයි මේ දක්වා අනාවරණය වී නැහැ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »