ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේදී ධාරාණිපාත වැසි

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේදී ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවනවා.

එමෙන්ම දැඩි සුළං තත්වයක්ද අපේක්ෂා කල හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති පුරෝකථනයක දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට මාසයකදී පමණ ලැබෙන වර්ෂාපතනය මෙම දින 02 තුළදී අපේක්ෂා කල හැකි බවද එහි සඳහන්.

වික්ටෝරියා – Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ස්ථානවලට ජල ගැලීම් පවා පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර අයිස් වර්ෂා හෝ හිමපතනයන් දැකීම අතිශය දුර්ලභ ප්‍රදේශවලට පවා ඉතා සිසිල් කාළගුණ තත්වයක් මෙම දිනවලදී දැකගත හැකි බවටද අනාවැකි පළවනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »