
ගාස්තු සහනය ක්‍රියාත්මක වීමත් සමග child care මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
වාර්ෂික ආදායම ඩොලර් 530,000 ක් දක්වා වන දෙමව්පියන්ගේ දරුවන් සඳහා ලබන ජූලි 10 වනදා සිට child care ගාස්තු සහනයක් බලාත්මකවීමට නියමිතයි.
ඒ අනුව ඩොලර් 80,000 ක් දක්වා වන ආදායම් උපයන ඔස්ටේ්‍රලියානු දෙමව්පියන්ට සියයට 90 ක් දක්වා child care ගාස්තු සහනයක් හිමිකර ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

පවුල් ලක්ෂ 12 කට පමණ මෙම සමස්ත වැඩසටහන හරහා ගාස්තු සහනයක් හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
මෙම වරප්‍රසාදයත් සමග ඇතැම් child care මධ්‍යස්ථාන හිමියන් විසින් දැනටමත් ගාස්තු ඉහළ දැමීම් පිළිබඳ වාර්තා පළවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කොමිසම විසින් සමීපව නිරීක්ෂණය කර නීත්‍යානුකූල පියවර ගැනීමටයි සූදානමින් පසුවන්නේ.