
පැවති ස්කොට් මොරිසන් රජය විසින් සැළසුම් කල චන්ද්‍රිකා ව්‍යාපෘතියක් අවලංගු කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.
අධිය වියදමක් දැරීමට සිදුවීම හමුවේ අයවැය මගින් වෙන් කල මුදල් ඉතිරි කර ගැනීම ඊට හේතුවයි.
පසුගිය වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයට සති කිහිපයකට පෙර එවක පැවති ස්කොට් මොරිසන් පාලනය විසින් මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය නිවේදනය කරනු ලැබුවා.

කාළගුණ තොරතුරු හුවමාරුව ඇතුලු කරුණු කිහිපයක් මත චන්ද්‍රිකා 04 ක් එම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර 2023 – 2028 කාලසීමාවේදී ඒවා ගුවන් ගත කිරීමයි අරමුණ වූයේ.
කෙසේවෙතත් ප්‍රමුඛතාවය දිය යුතු තවත් ප්‍රධාන කරුණු පවතින බැවින් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන බවයි ලේබර් පක්ෂ රජය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ.
