ලොව හොඳම සරසවි 20 ට ඔස්ට්‍රේලියාවේ 03 ක් – මෙල්බන් සරසවිය වාර්තාවක් බිඳී

ලොව හොඳම විශ්ව විද්‍යාල 20 අතරට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 03 ක් ද ඇතුළත්වී තිබෙනවා.

2023-24 වසරට අදාළව නිකුත් කෙරුණු නවතම ශ්‍රේණිගත කිරීමට අනුව මෙල්බන් විශ්ව විද්‍යාලයට 14 වන ස්ථානය හිමි වී තිබෙනවා.

මෙය මේ දක්වා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක් විසින් හිමි කරගත් ඉහළම ශ්‍රේණිගත කිරීම විශේෂත්වයක්.

සිඩ්නි විශ්ව විද්‍යාලය සහ නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය සම ශ්‍රේණිගත කිරීමක පසුවන්නේ 19 වන ස්ථානයේයි.

මුල් ස්ථාන 50 සැළකීමේදී තවත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 03 ක්ද ඇතුළත්ව සිටිනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය 34 වන ස්ථානයටත් – මොනෑෂ් විශ්ව විද්‍යාලය 42 වන ස්ථානයටත් – ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය 43 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.

පළමු ස්ථාන 20 ට අමෙරිකාවේ විශ්ව විද්‍යාල 10 ක් / බ්‍රිතාන්‍යයේ 04 ක් / චීනය – සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තයේ එක් විශ්ව විද්‍යාලයක් ද බැගින් අන්තර්ගත වනවා.

ලොව පුරා විශ්ව විද්‍යාල 1500 ක් ආශ්‍රිකවයි මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් කර ඇත්තේ.

පසුගිය වසරේදී වැඩිම ජාත්‍යන්තර සිසුන් පිරිසක් පැමිණ තිබූ රට බවට මහා බ්‍රිතාන්‍යය පත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිසුන් 619,370 ක් සටහන් කරමිනුයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »