ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – ලබන සතියේ සහනයක් ?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය කැපී පෙනෙන පහළයාමක් වාර්තා කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී එය සියයට 6.8 ක් ලෙස පැවති නමුත් මැයි මාසයේදී සියයට 5.6 ක් දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ.

අප්‍රේල් මාසයේ සියයට 9.5 ක් ලෙස පැවති ඉන්ධන මිළ ඉහළ යාම මැයි මාසයේදී සියයට 8 ක් දක්වා අඩුවී තිබෙනවා.

එමෙන්ම සංචාරක හා නවාතැන් ගාස්තු අඩුවීමද පසුගිය මාසයේදී නිරීක්ෂණය කල බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

කෙසේවෙතත් නිවාස කුළී – ආහාර – මත්පැන් – ගෘහභාණ්ඩ වැනි අංශවල මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති බවද සඳහන්.

උද්ධමනය පහළයාම හමුවේ ලබන සතියට යෙදී ඇති මීලග පොළී අනුපාතික සංශෝධනයේදී ජනතාවට කිසියම් හෝ සහනයක් ලැබෙනු ඇති බවටයි ආර්ථික විශේෂඥයන් අනාවැකි පළකරන්නේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »