ස්වදේශික ජනමත විචාරණය පරදින ළකුණු

ස්වදේශික ජනමත විචාරණය පරාජයට පත්වනු ඇති බවට සමීක්ෂණයක් පුරෝකථනය කර තිබෙනවා.

Newspoll ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 43 ක් පමණක් මේ වනවිට ඊට සහය පළකරන බවයි.

ඊට එරෙහි ප්‍රතිශතය සියයට 47 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ස්වදේශික ජනමත විචාරණයට වැඩිම අප්‍රසාදයක් පළකර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් වන අතර කාන්තාවන්ට වඩා පුරුෂයන් ඊට අකමැත්ත පළකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ස්වදේශික ජනමත විචාරණය කෙසේ හෝ මෙම වසර අවසන්වීමට පෙර පවත්වන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව හමුවේදී ඊට 52 ට 19 ක් ලෙස ඉහළ සහයෝගයක්ද හිමිවුණා.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »