වෙලින්ටන් ඉතිහාසයේ වැඩිම පිරිසක් ආ ප්‍රසංගයට මෙල්බන්වලිනුත් සහයක්

නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර ඉතිහාසයේ දැවැන්තම ශ්‍රී ලාංකික ප්‍රසංගය පසුගිය සෙනසුරාදා දිනයේදී පවත්වා තිබෙනවා.

අතිශය ජනප්‍රිය සහ දක්ෂ සංගීත ශිල්පීන් වන BNS – රන්ධීර් සහ උමාරියා විසින් එය වර්ණවත් කර තිබුණා.

වෙලින්ටන් නගරයේ වාස කරන ලාංකික ප්‍රජාව අතුරින් සියයට 40 ක් පමණ මෙම අවස්ථාවට ප්‍රේක්ෂකයන් ලෙස පැමිණ සිටීම විශේෂත්වයක්.

නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු සම සංවිධායකත්වය යටතේ මෙම ප්‍රසංගය සංවිධාන කර තිබුණා.

එහිදී නවසීලන්ත පාර්ශවය නියෝජනය කරනු ලැබුවේ Fly Lanka NZ වෙනුවෙන් මාජිත පෙරමුණ සහ මධූෂ අදසූරිය විසිනුයි.

අනන්තය Entertainment සහ 98 Events වෙනුවෙන් ශිවංක පීරිස් – මලිත් පෙරේරා සහ ජනක වීරකෝන් ඔස්ට්‍රේලියා පාර්ශවය නියෝජනය කරනු ලැබුවා.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »