ඔස්ට්‍රේලියාවෙන් සමාජ මාධ්‍යවලට අලුතෙන් නීති

වැරදි සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ජාල සඳහා ඩොලර් මිලියන ගණනක දඩ නියම කරන නව නීති පැණවීමට ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.

ඒ යටතේ සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියට වැඩි බලතල ලබාදෙන අතර සියලු සමාජ ජාල ඉල්ලා සිටින අවස්ථාවක ලබාදීම සඳහා දත්ත වාර්තා තබාගත යුතු වනවා.

ෆේස්බුක් – ගූගල් – ට්විටර් ඇතුලු සියලු සමාජ ජාල මෙම නව රෙගුලාසි සඳහා යටත් කර තිබීම විශේෂත්වයක්.

දැනට යෝජනා වී ඇත්තේ ආචාර ධර්ම කඩකිරීමට අදාළව එම සමාජ ජාල වැරදිකරුවන් බවට ඔප්පුවුවහොත් ඩොලර් මිලියන 2.75 ත් මිලියන 6.8 ත් අතර දඩයක් පැණවීමටයි.

මීට අදාළව මහජන අදහස් විමසීම ඊයේ සිට ආරම්භ කර ඇති අතර ලබන අගෝස්තු 06 වනදායින් අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් අසත්‍ය සහ වැරදි තොරතුරුවලින් වළක්වා ගැනීමේ අරමුණ ඇතිව මෙම නව රෙගුලාසි හඳුන්වා දෙන බවයි ෆෙඩරල් රජය නිවේදනය කර සිටින්නේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »