රැපිඩ් කට්ටල මිළදී ගැනීමට $ මිලියන ගණනක් වැය කලැයි ප්‍රාන්ත රජයකට චෝදනා

කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේදී රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළදී ගැනීමේදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

කිසිදු සැළසුමකින් තොරව රැපිඩ් කට්ටල මිලියන 110 ක් මිළයට ගෙන ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 580 ක මුදලක් වැය කර ඇති බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන්.

සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් පරීක්ෂා වෙනුවෙන් පළමුවෙන් තක්සේරු කර තිබූ මුදල ඩොලර් මලියන 03 ක් වු නමුත් අවසානයේ ඒ සඳහා ඩොලර් මිලියන 440 ක් වැය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙය අලුතින් රෝහලක් ඉදි කිරිම හා සමාන පිරිවැයක් බවත් විගණකාධිපති වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් මෙම චෝදනා සඳහා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ සියලු මිළදී ගැනීම් නිසි ක්‍රමවේදයට අනුකූලව සිදුවූ බවයි.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »