
ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසින් සිය ජාවාරම් පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය වීසා මත ව්‍යාජ සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා බව අනාවරණය වී තිබෙනවා.
ඉන් සැළකිය යුතු පිරිසක් ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
කුඩා පාඨමාලා සඳහා මෙම ව්‍යාජ සිසුන් යොදවා ශිෂ්‍ය කාලයේදී මෙන්ම අනතුරුව රැකියා වීසා හරහාද සිය ව්‍යාපාර කටයුතුවල ඔවුන් යෙදවීමයි මෙහිදී සිදුවන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබාදෙනුයේ සැබෑ ලෙසම උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන්නන්ටද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය යන්න මෙමගින් අවධාරණය කෙරෙන බවද අදාළ වාර්තාවේ සඳහන්.
ලබන ජූලි පළමුවනදා සිට මෙරට ශිෂ්‍ය වීසා නීති කිහිපයක් දැඩි කිරීමටද නියමිතයි.
