2022-23 මූල්‍ය වර්ෂයට අදාළව බදු වංචා පැමිණිලි 20,000 ක්

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ලෙස පැමිණෙන දුරකථන ඇමතුම් – කෙටි පණිවිඩ ඇතුලු විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට නැවත සිහිපත් කෙරනවා.

2022-23 මූල්‍ය වර්ෂයට අදාළව මේ දක්වා එවැනි පැමිණිලි 20,000 ක් ලැබී ඇති බවයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.

බදු සම්බන්ධයෙන් සංශෝධන රැසක් සිදුවන ලබන ජූලි පළමුවනදා වනවිට මෙම පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

මෙම වංචා අතුරින් බහුතරයක් tax return සම්බන්ධ ඒවා බවටද තහවුරු කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ලෙසින් පැමිණෙන දුරකථන ඇමතුම් – කෙටි පණිවිඩ ඇතුලු ඕනෑම සන්නිවේදන ක්‍රම පිළිබඳ ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »