සිඩ්නි ගුවන් තොටුපළ දක්වා මෙම සති අන්තයේදී දුම්රිය ධාවනයක් නෑ

සිඩ්නි ගුවන් තොටුපළ දක්වා දුම්රිය ධාවනය කිරීමක් මෙම සති අන්තයේදී සිදුනොවන බව ගුවන් මගීන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර පර්යන්ත දෙක සඳහාම එය බලාත්මක වනු ඇති.

ඊයේ එනම් සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට ලබන සඳුදා පෙරවරුව දක්වා සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් අමතර බස් සේවා යොදවා ඇති බවයි සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් සඳහන් කලේ.

එහෙත් පොදු ප්‍රවාහන සේවා භාවිත කර සිඩ්නි ගුවන් තොටුපළට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් අමතර කාලයක් වෙන් කරන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »