ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 56 කගෙන් $ මිලියන 815 ක රක්ෂණ වාරික වැඩිපුර අයකරලා

ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සමාගම් විසින් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඩොලර් මිලියන 815 කට ආසන්න මුදලක් වැඩිපුර අයකරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ලක්ෂ 56 කට ආසන්න පිරිසක් හෙවත් සෑම වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් අයෙකුගෙන් මෙලෙස ප්‍රමාණය ඉක්මවා රක්ෂණ වාරික අයකරගෙන ඇති බවයි ඊයේ නිකුත් වූ වාර්තාවක දැක්වෙන්නේ.

රක්ෂණ වාරික ගණනය කිරීමේදී සමාගම් විසින් වැරදියට ගණනය කිරීම් සිදුකර තිබීම ඊට හේතුවයි.

ඔස්ට්‍රේලියානු සුරැකුම් සහ ආයෝජන කොමිසම අදාළ රක්ෂණ සමාගම් වෙත දන්වා ඇත්තේ වහාම වැඩිපුර අය කරන ලද මුදල් ගෙවන ලෙසටයි.

එසේ නොවුණහොත් එම සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද කොමිසම අනතුරු අගවා තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »