ආබාධිත ජනතාවට ෆෙඩරල් රජයෙන් වැඩි රැකියා අයිතිවාසිකම්

ආබාධිත ජනතාවට වැඩි වශයෙන් රැකියා අයිතිවාසිකම් හිමිවන සංශෝධන සිදුකිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාවට වඩා ආබාධ සහිත ජනතාවගේ විරැකියා අනුපාතය දෙගුණයකින් පමණ ඉහළ අගයක් ගන්නා බවටයි තහවුරු වී ඇත්තේ.

රැකියාවල නිරත ආබාධිත ජනතාවගේ සේවා ඇගයීම වෙනුවෙන් නව ප්‍රසාද ළකුණු ක්‍රමයක් හඳුන්වාදීමටද ෆෙඩරල් රජය සැළසුම් කරමින් සිටිනවා.

2025 වසර දක්වා මෙම සමාලෝචනය සිදුකරන අතර ඒ සඳහා ෆෙඩරල් රජය වෙන් කර ඇති මුදල ඩොලර් බිලියනයක්.

පුද්ගලයන් 282,000 ක් මීට සහභාගීවීමට නියමිතයි.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »