
ඔස්ට්‍රේලියා ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් බියක් ඇතිකර නොගන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ගෝලීය ආර්ථිකයේ පසුබෑමක් පවතින බැවින් එය ඔස්ට්‍රේලියාවට පමණක් පොදු කරුණක් නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.
ඉදිරි මාස 12 තුළදී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයක් කරා ගමන් කිරීමේ සියයට 50 ක අවධානමක් ඇති බවට ආර්ථික විශේෂඥයන් විසින් කර ඇති අනතුරු ඇගවීමට ප්‍රතිචාර දක්වමිනුයි අද සිඩ්නි නුවරදී ඔහු මෙම අදහස් පළකලේ.

දැනට සියයට 4.1 ක් ලෙස පවතින cash rate අගය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානියා කර ඇති ප්‍රකාශය පිළිබඳවද මෙහිදී අගමැතිවරයා අදහස් පළකලා.
උද්ධමනය පාලනයට ලේබර් පක්ෂ රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.
