Search

නාසි සංකේත ප්‍රදර්ශනය සහ අලෙවියට මාස 12 ක සිර දඩුවම්

නාසි සංකේත ප්‍රදර්ශනය කරන සහ එවැනි දෑ අලෙවි කරන පුද්ගලයන්ට මාස 12 ක සිර දඩුවම් පැණවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මීට අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව නාසි සංකේත ඇතුළත් ටී-ෂර්ට් / අත් පළඳනා / කොඩි වැනි දෑ ප්‍රදර්ශනය – අලෙවිය හෝ අන්තර්ජාලය ඔස්සේ අලෙවියද තහනම් වනු ඇති.

කෙසේවෙතත් බෞද්ධ – හින්දු සහ ජෛන ආගම්වල පවා සංකේතයක් ලෙස භාවිත කරන ස්වස්තිකය මෙහිදී තහනමට ලක්වන්නේ නැහැ.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට ජාතික මට්ටමින් නාසි සංකේත තහනමක් බලාත්මක නොවන නමුත් එක් එක් ප්‍රාන්ත මට්ටමින් විවිධ වාරණ ක්‍රියාත්මක වනවා.

එහෙත් එම නීති උල්ලංඝනය දිගින් දිගටම සිදුවන අතර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට සති කිහිපයකට පෙර පැවති නාසි ආචරය ඊට ආසන්නතම සිදුවීමයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ වර්ගවාදී අදහස් ප්‍රචාරය වළක්වාලීමට මීට වඩා වැඩි පියවරක් ගත යුතු බවයි විද්වතුන් අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »