ඉදිරි මාස 12 දී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යාමේ 50% ක අවධානමක්

ඉදිරි මාස 12 තුළදී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගමන් කිරීමේ සියයට 50 ක පමණ අවධානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අගවනවා.

මාස 14 ක් තුළදී 12 වන වරටත් සිදුකෙරුණු පොළී අනුපාතික ඉහළ දැමීම මගින් එම අවධානම පැහැදිලි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී නැවතත් cash rate අගය වැඩි කිරීමට සිදුවන බවට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

සිල්ලර වෙළඳාම් අලෙවිය පහළයාම – විරැකියාව ඉහළයාම මෙන්ම ඉදි කිරීම් වැනි ක්ෂේත්‍රවල පවතින පසුබෑම ආර්ථික අවපාතයක පූර්ව ලක්ෂණ බවයි ආර්ථික විශේෂඥයන්ගේ ස්ථාවරය වන්නේ.

cash rate අගය සියයට 4.1 දක්වා ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය අගහරුවාදා දිනයේදී පියවර ගත් අතර ඊට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික ද මේ වනවිට වැඩි කරනු ලැබ තිබෙනවා.

source : https://www.9news.com.au/national/rba-rate-hikes-50-per-cent-risk-economy-tips-into-recession-analyst-says/fc8407b7-7a4c-4f8d-a17d-3d3b16a8f7d3

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »