
ගුවන් ප්‍රවේශ පත්‍ර නියෝජිත ආයතන අතර ඉහළින්ම වැජඹෙන My Flight Zone ආයතනය සිය සාර්ථක 10 වන සංවත්සරය සමරනු ලැබුවා.
ඔස්ට්‍රේලියාවේ සේවකයින් 13 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ සේවකයින් 88 කින් යුක්ත කාර්ය මණ්ඩලයක් ඔවුන් සතුයි.
දින 365 තුළම පැය 24 පුරා වසර 10 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ මෙන්ම වෙමින් පවතින එකම ගුවන් ප්‍රවේශ පත්‍ර නියෝජිත ආයතනයද My Flight Zone වීම විශේෂත්වයක්.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෙන්ම ඔස්ටේ්‍රලියාව තුළද ශ්‍රේණිගත කිරීම්වල පළමු 20 දෙනා අතර සිටින එකම ශ්‍රී ලංකික නියෝජිතයා වන්නේද My Flight Zone.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලංකන් – මැලේසියානු සහ සිංගප්පූරු ගුවන් සමාගම් සඳහා වන පළමු නියෝජිතයන් 10 දෙනා අතර සිටින එකම ලාංකික නියෝජිතයා ද ඔවුන් පමණයි.

ව්‍යාපාරයක් යන සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් 100 කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය කරන ආයතනයක් බවට අද වනවිට My Flight Zone පත් වී තිබෙනවා.
ඒ හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන තවත් මාවතක් විවර කරපු ස්ථානයක් ලෙසයි My Flight Zone සැළකෙන්නේ.
එමෙන්ම ගුවන් ප්‍රවේශ පත්‍ර ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබාදී රැකියාවක් ද ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය බවටද අද වනවිට My Flight Zone Academy පත්වී තිබෙනවා.