
සති 05 ක් තුළ සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ Flu ආසාධිතයන් සංඛ්‍යාව දෙගුණයටත් වඩා ඉහළගොස් තිබෙනවා.
අප්‍රේල් මාසය අවසානය වනවිට එම රෝගීන් සංඛ්‍යාව සටහන්වී තිබුණේ 32,000 ක් ලෙසයි.
කෙසේවෙතත් පෙරේදා දිනය වනවිට මෙරට Flu ආසාධිතයන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 10 ට අඩු දරුවන් බවයි සෞඛ්‍ය අංශ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම වයස අවුරුදු 16 ට අඩු දරුවන් 300 කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන්.

සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ Flu රෝගයේ අවධානම අඩුවෙන් තක්සේරු නොකර නිසි පරිදි එන්නත්කරණයට යොමුවන ලෙසයි.