
ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීමට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමද ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිය නිවාස ණය පොළී අනුපාතය ලබන 20 වනදා සිට සියයට 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුව අද නිවේදනය කලේ.
කෙසේවෙතත් ඉතුරුම් ගිණුම් සඳහා පොලිය වැඩි කරන්නේද යන්න ඔවුන් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

මස 14 ක් තුළ 12 වන වරටත් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගනු ලැබුවා.
ඒ අනුව සියයට 3.85 ක්ව පැවති cash rate අගය සියයට 0.25 කින් වැඩි කෙරුණු අතර මේ වනවිට එය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.

2012 වසරෙන් පසු cash rate අගය සියයට 04 ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙයයි.