සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

වැඩි කැපවීමකින් සේවය කරන සහ ඉහළ අත්දැකීම් සහිත සේවකයන්ට එමගින් අසාධාරණයක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

“Same Job – Same Pay” සංශෝධනය ලෙස ජනප්‍රිය මෙම රෙගුලාසියට එරෙහිව ජාතික මට්ටමේ ව්‍යාපාරයක් ගෙනයාමට පතල් – ඉන්ධන – ඉදිකිරීම් – කෘෂිකර්ම ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් පොදු එකගතාවයකටද පැමිණ තිබෙනවා.

සමාන රැකියාවක නිරත වන මාස 06 ක අත්දැකීම් ඇති අයෙකු සහ වසර 06 ක අත්දැකීම් ඇති අයෙකුට සමාන වැටුපක් ගෙවීම කෙතරම් සාධාරණදැයි ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

කෙසේවෙතත් ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ගෙන එන බවයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයකට පැමිණ නොමැති බවත් ව්‍යාපාර හිමිකරුවන් වැරදි උපකල්පනවල සිට විරෝධතා දත්වන බවටත් රජය චෝදනා කරනවා.