
අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.
එසේ නොවුණහොත් ගුවන් සේවාවල දුර්වල පාරිභෝගික සේවා සහ අධික ගාස්තු අය කිරීම් තවත් දීර්ඝ කාලයක් පැවතිය හැකි බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.
ගුවන් සමාගම් සම්බන්ධයෙන් පැණ නගින ඕනෑම ගැටලුවක් විසඳා ගත හැකි නව ආයතනයක් පිහිටුවන්නැයිද පාරිභෝගික කොමිසම සිය වාර්තාවෙන් නිර්දේශ කර සිටිනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී ගුවන් වාර අතුරින් සියයට 04 ක් අවලංගු වී ඇති අතර එය ගුවන් වාර 1700 ක් පමණ වනවා.
වැඩිම ගුවන් වාර සංඛ්‍යාවක් අවලංගු කර ඇත්තේ ජෙට් ස්ටාර් ගුවන් සේවය විසින් බවයි පැවසෙන්නේ.

නියමිත වේලාවටම ගුවන් ගමන් සිදුකර ඇති ගුවන් ගමන් වාර සංඛ්‍යාව සියයට 70 ක් පමණක් බවටද මෙම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා වන ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තුද තවමත් අධික ඉහළ අගයක පැවතීම සම්බන්ධයෙන් වහා විසඳුමක් දෙන ලෙසටද ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.