Search

ලබන සතියේ cash rate අගය ගැන ආර්ථික විද්වතුන් අතර බෙදීමක්

ලබන සතියේ රැස්වන ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය විසින් පොළී අනුපාතික ඉහළ දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථික විද්වතුන් අතර බෙදීමක් හටගෙන තිබෙනවා.

මෙම සතියේ සිදුකර ඇති සමීක්ෂණයකදී සියයට 56 ක් පවසා ඇත්තේ දැනට සියයට 3.85 ක් ලෙස පවතින cash rate අගය එලෙසින්ම පවත්වාගෙන යෑමට සංචිත බැංකුව විසින් කටයුතු කරනු ඇති බවයි.

කෙසේවෙතත් පොළී අනුපාතික අගයන් ඉහළ දැමිය යුතු බවට සියයට 44 ක් මත පළකර තිබෙනවා.

සියයට 38 ක් සඳහන් කර ඇත්තේ පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 4.1 දක්වා cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවයි.

ජූනි මාසයට අදාළ පොළී අනුපාතික අගයන් තීරණයට ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය ලබන අගහරුවාදා දිනයේදී රැස්වීමට නියමිතයි.

මාර්තු මාසයේදී සියයට 6.3 ක් ලෙස පැවති උද්ධමනය මේ වනවිට සියයට 6.8 දක්වා ඉහළගොස් තිබීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »