Search

ඔස්ට්‍රේලියාවේ අවම ජාතික වැටුප 5.75% කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ අවම ජාතික වැටුප සියයට 5.75 කින් ඉහළ දැමීමට Fair Work කොමිසමේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජූලි පළමුවනදා සිට එය බලාත්මක වනු ඇති.

දැනට පැයට ගෙවිය යුතු අවම වැටුප ඩොලර් 21.38 ක් ලෙස පවතින අතර පැය 38 ක සතියක වැටුප ලෙස ඩොලර් 812.60 ක මුදලක් පවතිනවා.

ජූලි පළමුවනදා සිට පැයක අවම වැටුප ඩොලර් 22.60 දක්වාද පැය 38 ක සතියක වැටුප ඩොලර් 859.32 දක්වාද ඉහළයාමට නියමිතයි.

මිලියන 2.5 කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් පිරිසකට මෙම වැටුප් වැඩිවීම බලාත්මක වනු ඇති.

ඉහළ යන උද්ධමනයට සමගාමීව සියයට 6.8 කින් වැටුප් වැඩිකල යුතු බවටයි වෘත්තීය සමිති විසින් තර්ක කර තිබුණේ.

එහෙත් ව්‍යාපාර හිමිකරුවන් සහ හාම්පුතුන් විසින් අවධාරණය කර තිබුණේ සියයට 3.5 ක වැටුප් වැඩිවීමක් පමණක් දිය හැකි බවටයි.

පසුගිය වසරේදීත් සියයට 5.2 කින් මෙරට අවම ජාතික වැටුප ඉහළ දමනු ලැබුවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »