වික්ටෝරියා වාහනවල headlights දිවා කාලයේදීත් දල්වාගෙන යා යුතු බවට යෝජනාවක්

වික්ටෝරියානු රියදුරන් විසින් දිවා කාලයේදීත් වාහනවල ප්‍රධාන ලාම්පු (head lights) දල්වාගෙන යා යුතු බවට නීතියක් සම්මත කරන්නැයි ප්‍රාන්ත රජයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එමගින් රිය අනතුරු සංඛ්‍යාව අවම කරගැනීමට මෙන්ම රථවාහන දඩ පත්‍රිකා නිකුත් කිරීමද අවම කරගත හැකි බවයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති ලිබරල් මන්ත්‍රී නික් මැක්ගෝවන් පෙන්වා දී ඇත්තේ.

කැනඩාව සහ ජපානය වැනි රටවල් දැනටමත් මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කරනවා.

පසුගිය සති අන්තයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත්වීමත් සමගයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

එමෙන්ම රථවාහන දඩ මුදල් ප්‍රමාණයද පසුගිය වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී මෙම වසරේදී සියයට 39 කින් ඉහළගොස් තිබෙනවා.

මොනෑෂ් සරසවිය විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිකරගෙන තිබුණේ දිවා කාලයේදීත් වාහනවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන යාමෙන් මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 20.3 කින් අඩු කරගත හැකි බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »