
තරුණ ඉන්දියානු වෘත්තිකයන් 3,000 කට රැකියා වීසා බලපත් පිරිනැමීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
දෙරටෙහි අග්‍රාමාත්‍යවරුන් අතර පසුගියදා අත්සන් තබන ලද එකගතා ගිවිසුමට අනුවයි ක්ෂේත්‍ර 07 ක වෘත්තිකයන්ට මෙම වීසා බලපත් පිරිනැමෙන්නේ.
ඒ අනුව ඉංජිනේරු – තොරතුරු තාක්ෂණ – කෘත්‍රීම බුද්ධිය – මූල්‍ය – බලශක්ති – කෘෂිකර්ම සහ පතල් යන කර්මාන්තවල නිපුණතා ශ්‍රමිකයන්ට මෙලෙස ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීම සඳහා වසර 02 ක වීසා බලපත්‍රයක් නිකුත් කෙරෙනු ඇති.

ඉන්දීය සරසවියකින් අදාළ ක්ෂේත්‍රවල උපාධියක් ලබාගෙන ඇති වයස අවුරුදු 31 ට අඩු ඉන්දීය ජාතිකයන්ට පමණක් මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම්කල හැකි වනවා.
මෙය ඔස්ට්‍රේලියානු ස්ථිර සංක්‍රමණ වැඩපිළිවෙලට අයත් නොවන විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
