Search

ඔස්ට්‍රේලියාව තුළ දුම්වැටි භාවිතය අවම කරන ක්‍රියාමාර්ග ප්‍රකාශයට

ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය දුම්වැටි සහ – දුම්වැටි භාවිතය අවම කිරීමට ඉදිරි වසර 02 තුළදී ගන්නා ක්‍රියාමාර්ග ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තනි දුම්වැටිවලද රූපමය අවවාද ඇතුළත් කිරීම / දුම්වැටි පැකට්ටු තුළ දැනටමත් ඇති රූපමය අවවාද අලුත් කිරීම සහ මෙන්තෝල් වැනි රසයන්ගෙන් යුත් දුම්වැටි තහනම් කිරීම ඊට අයත්.

දැනට දිනපතා දුම්පානය කරන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය සියයට 12 ක් වන අතර එය 2025 වසර වනවිට සියයට 10 දක්වාද 2030 වනවිට සියයට 05 දක්වාද අඩු කිරීම මෙම නව සංශෝධනවල අපේක්ෂාවයි.

මෙම යෝජනා සඳහා මහජන අදහස් විමසීම මේ දිනවල සිදුකෙරෙන අතර ලබන ජූලි මාසය තෙක් එය බලාත්මක වනු ඇති.

ලබන වසරේ අප්‍රේල් වනවිට පාර්ලිමේන්තුවේ සම්මත කර 2025 වසර වනවිට නව රෙගුලාසි බලාත්මක කිරීමයි ෆෙඩරල් රජයේ සැලසුම වන්නේ.