
Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වේදිකා හරහා භාණ්ඩ අලෙවි කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ වංචාවලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය මාස 06 තුළදී එවැනි වංචා සියයට 66 කින් වැඩිවී ඇති බවයි NAB බැංකුව විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ.
මෙම වංචා අතුරින් 1/3 ක් පමණ PayID සම්බන්ධ ජාවාරම් බවයි අනාවරණය වන්නේ.

PayID විසින් කිසිදු අවස්ථාවක බැංකු ගිණුම් තොරතුරුවලට අදාළව E-mail පණිවිඩ – කෙටි පණිවිඩ හෝ වෙනත් දැනුම්දීම් සිදු නොකරන බව නැවතත් අවධාරණය කෙරෙනවා.
පසුගිය වසරේදී PayID වංචා සඳහා හසුවීමෙන් ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගෙන තිබු මුදල ඩොලර් 260,000 කට අධිකයි.
