පර්ත් නගරයේ වෛද්‍යවරුන්ට ChatGPT තහනමක්

AI හෙවත් කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය යොදාගැනීමෙන් වළකින ලෙස පර්ත් නගරයේ වෛද්‍යවරුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රෝගීන්ගේ පුද්ගලික සහ රහසිගත තොරතුරු බාහිර පාර්ශව වෙත ලැබෙනු ඇතැයි යන සැකය මත එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

පර්ත් නගරයේ රෝහල් 05 ක කාර්ය මණ්ඩලය විසින් රෝගී වාර්තා සකස් කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලිවීමට ChatGPT වැනි මෘදුකාංග භාවිත කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙවැනි වාර්තා සයිබර් වංචාකරුවන් අතට පත්වුවහොත් රෝගීන්ගේ පුද්ගලිකත්වයට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි යන සැකය මතයි තාක්ෂණය යොදා ගැනීම වහා අත්හිටුවන ලෙසට උපදෙස් දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් අතුරින් දැනට AI තාක්ෂණය යොදාගනු ලබන්නේ ඉතාම අල්ප පිරිසක් බවටද මේ අතර වාර්තා වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »