මෙල්බන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ඊයේ පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයේ පැමිණි ගුවන් මගියෙකු මියගොස් තිබෙනවා.
73 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ වාර්තා සඳහන් කලේ.
හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ කුමන රටක පුරවැසියෙකුදැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.
පසුගිය සතියේ සෙනසුරාදා දිනයේදීද සිඩ්නි සිට කොළඹ පැමිණි ගුවන් යානයේ සිටි ගුවන් මගියෙකු හදිසි රෝගාබාධයකින් මරණයට පත්ව තිබුණා.