ජෙට් ස්ටාර් වෙතින් වසරක් ගුවන් ගමන් නොමිළයේ

සිය 19 වන සංවත්සරයට සමගාමීව තෝරාගත් ජයග්‍රාහකයෙකු සඳහා වසරක් පුරා නොමිළයේ ගුවන් ගමන් අවස්ථාවක් පිරිනැමීමට ජෙට්ස්ටාර් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

දේශීය ගුවන් ගමන් 12 ක් සහ විදෙස් ගුවන් ගමන් 06 ක් ඊට අයත් වනු ඇති.

ගමනාන්ත 86 ක් අතුරින් තමන් යාමට කැමති ස්ථාන තෝරා ගැනීමට ජයග්‍රාහකයාට මෙහිදී අවස්ථාව උදාවනවා.

ජෙට් ස්ටාර් ඉන්ස්ටග්‍රම් පිටුවට පිවිස තරගයට එහි ඇති පැණයට පිළිතුරු සපයා තරගයට ඇතුලුවිය හැකි අතර ලබන 31 වනදා රාත්‍රී 12 තෙක් ඊට අවස්ථාව පවතිනවා.

ජයග්‍රාහකයාට තම සහකරු හෝ මිතුරෙකු සමග මෙම ගුවන් ගමන්වල යෙදිය හැකියි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »