Coles හි අලෙවි කරන tissue boxes වල අලුත්ම වෙනස

Coles විසින් අලෙවි කරන ටිෂූ අසුරණවල ඇති පොලිතීන් දවටනය ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

වසරකට පරිසරයට එකතුවන ප්ලාස්ටික් ටොන් 13 ක් පරිසරයට එකතුවීම වළක්වාලීම ඒ හරහා අපේක්ෂිතයි.

මේ අනුව මින් ඉදිරියට Coles නිපදවනු ලබන ටිෂු අසුරණවල අමුද්‍රව්‍ය අතුරින් සියයට 95 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කල හැකි ඒවා වීම විශේෂත්වයක්.

2025 වසර වනවිට එම ප්‍රතිශතය සියයට 100 ක් දක්වා ඉහළ නැංවීම සිය අරමුණ බව Coles නිවේදනය කර සිටිනවා.

ලබන ජූලි මාසයේ සිට ප්ලාස්ටික් බෑග් අලෙවිය නතර කිරීමටද Coles විසින් මේ වනවිටත් තීරණය කර අවසන්.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »