ඔස්ට්‍රේලියානු Netflix පරිශීලකයන් සඳහා නව රෙගුලාසි

Netflix විසින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව Password sharing සඳහා දැඩි රෙගුලාසි බලාත්මක කෙරෙන අතර අමතර ගිණුමක් වෙනුවෙන් මාසයකට ඩොලර් 08 ක මුදලක් අය කෙරෙනු ඇති.

ලොව පුරා Netflix භාවිත කරන පවුල් මිලියන 100 ක් පමණ Password sharing භාවිත කිරීම හමුවේ සිය සේවා ගුණාත්මකභාවයට බාධා පැමිණ ඇතැයි Netflix අවධාරණය කරනවා.

එබැවින් දැනටමත් කැනඩාව සහ නවසීලන්තය තුළ මෙම අමතර ගාස්තු අයකිරීම් බලාත්මක කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු පරිශීලකයන් වෙනුවෙන් හඳුන්වාදෙන නව රෙගුලාසි කෙදින සිට බලාත්මක වන්නේ දැයි Netflix විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »