
කාන්තාවකට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදෙන බව පවසා ඩොලර් මිලියන 1.5 ක මුදලක් වංචාකල සැකකරුවන් 03 දෙනෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිඝණක සහ ව්‍යාජ ලේඛණ රැසක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරුවන් 39 – 41 සහ 42 හැවිරිදි වියෙහි පසුවන්නන් වනවා.

2017 වසරේදී මෙම වංචාව සිදුවී ඇති අතර දීර්ඝ කාලයක් පුරා සිදුකල විමර්ශනයක් අනුවයි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් ලබන 06 වනදා සිඩ්නි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
