Search

ජනවාරි 26 Australia Day ගැන ජීලොංග් නගර කවුන්සිලය දැඩි තීරණයක

geelong

ජනවාරි 26 වනදා Australia Day ලෙස හැඳින්වීම ස්ථිරවම අත්හිටුවීමට ජීලොංග් නගර කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීමක් ඊයේ රාත්‍රියේ පැවති අතර එහිදී ඒකමතිකව එම යෝජනාව සම්මත වුණා.

මාස 06 කට ආසන්න කාලයක් පුරා මහජන උපදෙස් ලබාගැනීමෙන් අනතුරුවයි ජීලොංග් නාගරික කවුන්සිලය මෙම යෝජනාව විවාද කරනු ලැබුවෙි.

මේ අනුව සාමාන්‍යයෙන් ජනවාරි 26 වන දිනවල පැවැත්වෙන පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව ජීලොංග් නාගරික කවුන්සිල බලප්‍රදේශයේදී වෙනත් දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

සිය යෝජනාව ෆෙඩරල් රජයට යොමු කිරීමට නියමිත බවද ජීලොංග් නගර කවුන්සිලය නිවේදනය කලා.