මාස කිහිපයකින් එන iPhone 15 හි රහස් එළියට

තවත් මාස කිහිපයකින් වෙළඳපොළට නිකුත් කෙරෙන ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනය වන iPhone 15 මාදිලියෙහි අන්තර්ගත විශේෂාංග කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ දැනට අනෙකුත් සෑම ස්මාර්ට්ෆෝන් විශේෂයක්ම භාවිත කරන එහෙත් ඇපල් විසින් පමණක් භාවිත නොකරන USB-C වර්ගයේ cahrging cable එක ඇපල් සඳහා හඳුන්වාදීමයි.

යුරෝපා මහද්වීපය තුළ අලෙවි කරන සෑම ඇපල් දුරකථනයකම 2024 වසරේ සිට එලෙස USB-C පහසුකම තිබිය යුතු බවට යුරෝපා සංගමයද පසුගිය වසරේදී නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් නව දුරකථන වර්ගය වෙළඳපොළට හඳුන්වාදීමටයි නියමිතව ඇත්තේ.

එහි හැඩය සහ බාහිර පෙනුම බොහෝ දුරට iPhone 12 – 13 සහ 14 යන මාදිලිවලට සමාන ස්වරූපයක් ගනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඉදිරිපස සහ පසුපස කැමරා පද්ධතිවල වෙනස්කම් කිහිපයක් iPhone 15 මාදිලියට ඇතුළත් වනු ඇති.

දැනට නිල නොවන වාර්තා අනුව ප්‍රකාශයට පත්වී ඇත්තේ iPhone 15 මාදිලිය ලබන සැප්තැම්බර් 07 වනදා ලොව පුරා නිකුත් කිරීම සිදුවනු ඇති බවයි.

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »