එවරස්ට් කඳු මුදුනේදී ඔස්ට්‍රේලියානුවෙකු මරුට

එවරස්ට් කඳු තරණයට ගොස් ආපසු පැමිණෙමින් සිටි 40 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

පර්ත් හි වාසය කරන ජේසන් කෙනිසන් නම් පතල් ඉංජිනේරුවෙකු පසුගිය සිකුරාදා මෙලෙස මරණයට පත්ව ඇති බවයි පවුලේ ඥාතීන් දන්වා ඇත්තේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 8,000 ක් පමණ උසින් එවරස්ට් කඳු මුදුන ආශ්‍රිත මාරක කලාපය හෙවත් death zone හිදී මෙම වසරේදී මියගිය 10 වැන්නා බවට ඔහු පත්වනවා.

මීට වසර 17 කට පෙර සිදුවූ රිය අනතුරකින් ජේසන් කෙනිසන් බරපතල තුවාල ලැබූ අතර ඔහුගේ දෑත් සහ පාදවලට දැඩි ලෙස හානි සිදුවුණා.

ඔහු මෙම එවරස්ට් තරණය සිදුකලේද සුෂුම්නා ආබාධවලට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් ආධාර එක්රැස් කිරීම සඳහායි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »