2022 දී වැඩිම රිය අනතුරු මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

එම මරණ සංඛ්‍යාව 299 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මරණ 288 ක් සමගිනුයි.

එහි 2021 මරණ සංඛ්‍යාව 275 ක් ලෙස සටහන්වී තිබුණා.

මරණ 240 ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය 03 වන ස්ථානයටත් – මරණ 174 ක් සමග බටහිර ඔස්ට්‍රේලියාව 04 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම 2022 වසරේදී රිය අනතුරු මරණ 1165 ක් වාර්තා වී ඇති අතර එය 2021 වසරේදී වාර්තා වී තිබුණේ 1109 ක් ලෙසයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »