
ශිෂ්‍ය ණය වාරික පොළිය ඉහළ දැමීමට පෙර වාරික ගෙවා දැමීම්වල ඉහළයාමක් නිරීක්ෂණය වී තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම වසරේ මාර්තු මාසයේදී වාරික ගෙවීම්වල ඉහළයාම සියයට 60 කටත් වැඩි අගයක් ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාල වාර්තා පවසන්නේ.
ජූනි 01 දා සිට ශිෂ්‍ය ණය පොළිය සියයට 7.1 කින් ඉහළයාමට නියමිතයි.

නව පොළියට යටත් නොවීම සඳහා ලබන 25 වන දිනට පෙර වාරික ගෙවිය යුතු බැවින් බොහෝ පිරිසක් ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.
පසුගිය වසරේදී ගෙවා දමා තිබූ සමස්ත ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක්.
