දකුණු ඔස්ට්‍රේලියා ජීවන වියදම් දීමනා ගෙවීම ඉදිරියටත්

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභීන් සහ විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා ජීවන වියදම් දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ නිවාස හිමියෙකුට එක් වරක් පමණක් ගෙවන ඩොලර් 449 ක දීමනාවක්ද කුළියට සිටින අයෙකු නම් ඩොලර් 224.60 ක මුදලක්ද හිමිවනු ඇති.

මෙය මෙතෙක් ගෙවන ලද දීමනාව දෙගුණයකින් ඉහළ දැමීමක් වීම විශේෂත්වයක්.

එමෙන්ම ගෙවීම් සිදුකිරීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇති බවත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

සතියකදී මෙලෙස ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 78 ක්.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »