ස්ථුල ඔස්ට්‍රේලියානුවන් සමාජයෙන් කොන්වීමේ ප්‍රවණතාවයක්

ස්ථුලභාවයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් සමාජයෙන් කොන්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

පාසල් – රැකියා ස්ථානය – රෝහල් පමණක් නොව පුද්ගලික ජීවිතයේදී පවා එම තත්වය දක්නට ලැබෙන බවයි මෙහිදී හෙළිකරගෙන ඇත්තේ.

ස්ථුල භාවයෙන් පෙළෙන බොහෝ පිරිසක් මුහුණ දෙන ගැටලුව වනුයේ බර අඩු කර නොගන්නේ ඇයි දැයි ඇතැමුන් විමසා සිටීම හමුවේ එල්ලවන මානසික පීඩනය බව මෙම වාර්තාවේ සඳහන්.

විශේෂයෙන් ස්ථුල පුද්ගලයන්ගේ ඥාතීන් මෙි පිළිබඳ වගකීම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද එමගින් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ජනගහණයට සාපේක්ෂව ස්ථුල පුද්ගලයන් ප්‍රතිශතය සැළකීමේදී ඔස්ට්‍රේලියාව පසුවන්නේ පහළ ස්ථානයකයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »