මෙල්බන් පාසල් සිසු රිය අනතුරට ට්‍රක් රියදුරාට චෝදනා

මෙල්බන් හිදී රිය අනතුරකින් පාසල් සිසුන් පිරිසක් තුවාල ලැබීමත් සමග අදාළ ට්‍රක් රථයේ රියදුරාට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

එක්ස්ෆර්ඩ් ප්‍රාථමික පාසලේ සිසුන් 45 දෙනෙකු රැගෙනයමින් තිබූ බස් රථයක් ඊයේ පස්වරු 03.45 ට පමණ මෙම අනතුරට මුහුණ පා තිබුණා.

එහිදී වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් 10 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගේ තත්වය අසාධ්‍ය නොවන බව සඳහන්.

49 හැවිරිදි ට්‍රක් රියදුරුට චෝදනා 04 ක් යටතේ නඩු පැවරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන ඇත්තේ.

සිසුන් සහ දෙමව්පියන් වෙනුවෙන් අවශ්‍ය උපරිම සහාය සැපයීමට පියවර ගන්නා බව වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »