නවසීලන්තයේ ගින්නෙන් ඔස්ට්‍රේලියානුවන්ට හානි වී දැයි විමර්ශන

නවසීලන්තයේ වෙලිංටන් අගනුවර හටගත් ගින්නෙන් ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකුට හෝ හානියක් සිදුවී ඇතිදැයි සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එරට පිහිටා ඇති ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊට අදාළ පියවර ගනිමින් සිටන බව සඳහන්.

ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ නේවාසිකාගාරය තුළ පුද්ගලයන් 90 දෙනෙකු සිට ඇති අතර 06 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි නිශ්චිතව තහවුරු කරගෙන ඇත්තේ.

11 දෙනෙකු පිළිබඳ පැහැදිලි තොරතුරක් මේ දක්වා ලැබී නැහැ.

එබැවින් මරණ සහ තුවාලකරුවන් ගණන තවත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

අදාළ ගොඩනැගිල්ලේ නිසි ගිනි නිවීම් ක්‍රමවේදයක් තිබී නොමැති බවටද මේ අතර වාර්තා පළවී තිබෙනවා.

එබැවින් ඒ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් පවත්වන ලෙසටයි නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් විසින් උපදෙස් දී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »