ඔස්ට්‍රේලියානු වීසා ඉල්ලුම් කල සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු වීසා නිලධාරීන් ලෙස අගවමින් කිසියම් පිරිසක් ලබාදෙන දුරකථන ඇමතුමි පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වීසා ඉල්ලුම්කරුවන්ට දැනුම් දෙනවා.

වීසා අයදුම්පත්‍රයට අදාළ තහවුරු කර ගැනීම් සඳහා සිය නිළධාරීන් දුරකථන ඇමතුම් ලබාදිය හැකි බවත් ඇතැම්විට රාජකාරි වේලාවෙන් බැහැරව වුවද එවැනි ඇමතුම් ලැබිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් එම කිසිදු අවස්ථාවකදී ඔවුන් විසින් ක්‍රෙඩිට් කාඩ් දත්ත – බැංකු ගිණුම් විස්තර – Immi Account තොරතුරු ඉල්ලීමක් හෝ මුදල් ගෙවීමක් සිදුකරන්නැයි දැනුම්දීමක් සිදු නොකරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

වීසා අයදුම්පත්‍රය සම්බන්ධයෙන් පැමිණෙන ඕනෑම දුරකථන ඇමතුමකදී අදාළ නිළධාරියාගේ අනන්‍යතාවය තහවුරු කරගන්නා ලෙසටයි නැවතත් ඉල්ලීමක් සිදු කෙරෙන්නේ.

සැකකටයුතු දුරකථන ඇමතුමක් බව හැගී යන්නේ නම් වහාම ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයිද දැනුම්දීමක් සිදුකෙරෙනවා.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »