වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක ලාංකික සිසුන්ට විශේෂ දැනුම්දීමක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙල්බන් කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව www.slcgmel.org යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

වික්ටෝරියා – ටස්මේනියා සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තවල උසස් අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන්ට මෙම අවස්ථාව පවතිනවා.

කොන්සල් කාර්යාලය දන්වා සිටින්නේ කිසියම් හදිසි අවස්ථාවකදී එම සිසුන්ට කඩිනමින් සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවයි.

මෙල්බන් කොන්සල් කාර්යාලයේ නව සේවා පිළිබඳ ඊයේ රාත්‍රියේ විකාශය වූ Ausලංකා TV – Current Affairs වැඩසටහන ඔස්සේද අවධානය යොමු කෙරුණා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »

ACT පාසල් පංති කාමර තුළද ජංගම දුරකථන තහනම් කරයි

ACT ප්‍රාන්තයේ පොදු පාසල්වල පංති කාමර තුළ ජංගම දුරකථන සහ ස්මාර්ට් වොච් වැනි අනෙකුත් පුද්ගලික සන්නිවේදන උපාංග භාවිතය ලබන වසරේ පළමු වාරයේ සිට තහනම් කර තිබෙනවා.

Read More »