Search

වික්ටෝරියා නිවාස ඉදි කිරීම් සමාගම් සඳහා නව රෙගුලාසි

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ඉදි කිරීම් සමාගම් සඳහා බලපැවැත්වෙන පරිදි නව රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා.

පෝටර් ඩේවිස් ඇතුලු ඉදිකිරීම් සමාගම් කිහිපයක් කඩා වැටීම හමුවේ මෙම පියවර ගැනීමට සිදුවූ බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

මේ අනුව නව නිවසක් ඉදි කිරීම සඳහා කිසියම් ගණුදෙනුකරුවෙකුගෙන් මුදල් ලබාගැනීමට පෙර ඉදිකිරීම් සමාගම් විසින් රක්ෂණාවරණයක් ලබාදීම අනිවාර්ය වනු ඇති.

වික්ටෝරියානු ගොඩනැගිලි අධිකාරියට නව බලතල ලබාදීමටද යෝජනා වී ඇති බව අගමැති ඇන්ඩෲස් කියාසිටියා.

පෝටර් ඩේවිස් සමාගම කඩාවැටීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් 560 ක් පමණ ඩොලර් දහස් ගණනක් අහිමිකරගෙන ඇති බව සඳහන්.

ඔවුන්ට නිසි රක්ෂණාවරණයක් ලබාදීමට පෝටර් ඩේවිස් සමාගම කටයුතු කර නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »