මිළ වැඩි නිසා ඔස්ට්‍රේලියානුවන් මස් වෙනුවට හතු කෑම ඉහළට

මාංශ මිළ ගණන් ඉහළයාම හමුවේ ඊට විකල්පයක් ලෙස ඔස්ට්‍රේලියානුවන් විසින් බිම්මල් (හතු) පරිභෝජනයට වැඩි වශයෙන් පෙළඹී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම අධි කොලස්ටරෝල් තත්වය සහ ඩිමෙන්ෂියා වැනි රෝග සඳහා බිම්මල් ගුණදායක ආහාරයක් ලෙස හඳුනාගෙන තිබීමද තවත් හේතුවක් බව සඳහන්.

2012 සිට 2020 වසර දක්වා මෙරට බිම්මල් කර්මාන්තයේ වටිනාකම ඩොලර් මිලියන 368 ක් හෙවත් සියයට 25 කින් ඉහළගොස් තිබෙනවා.

2013 දී ඔස්ට්‍රේලියාව තුළ බිම්මල් පරිභෝජනය ටොන් 65,000 ක් ලෙස පැවති අතර මේ වනවිට එය ටොන් 70,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මාංශ මිළ ගණන් සළකා බැලීමේදී බිම්මල් ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණ තත්වයක් අඩු පිරිවැයකින් ලබාගත හැකිවීම ප්‍රධාන වාසියක් බවයි පැවසෙන්නේ.

SOURCE : https://www.abc.net.au/news/rural/2023-05-15/mushrooms-increasingly-in-demand-as-meat-alternative/102325544

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »